• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෙප්ප ගම්මන්පිල නිසා අමාරුවේ වැටෙන්නේ ගෝඨායි !

20 February 2021
in දේශීය

රටේ ප්‍රධාන වශයෙන් තීන්දු තීරණ ගැනීමේ බලයක් ලැබී ඇති කැබිනට් අමාත්‍ය ධුරයක් හා සම කැබිනට් ප්‍රකාශක තනතුර හොබවන උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් පසුගියදා සිදු කල ප්‍රකාශය නිසා ලංකා රජය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔහු විසින් පසුගියදා (17) කොලොන්නාවේ පැවති උත්සවයක් අතරතුර ප්‍රකාශ කර සිටියේ ඉන්දිය මහකොමසාරිස්වරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනකදීම අපට අයිතිවන බව පවසා ඇති බවයි.

නමුත් සැබෑවින්ම එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය විසින් පවසා සිටි. මහකොමසාරිස් කාර්යාලය කියා ඇත්තේ ද අදාළ අමාත්‍යවරයා විසින් සිදු කල ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අමාත්‍යවරයා විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්දයෙන් අවධානය යොමු කර ඇති බව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

අප මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයෙකුගෙන් විමසා සිටි අතර ඔහු පවසා සිටියේ මේ වන විට ගම්මන්පිල විසින් ගෝඨාව නොමග යවන බලවේගයක් වී ඇති බවයි. ගම්මන්පිල විසින් රටේ ජාතිකත්වයක් ආගමිකත්වයක් මුල් කරගෙන සුදු පිරිවට ඇඳගෙන කරන්නේ අමු අමු ගොන් වැඩ බවත් එවැනි පිරිස් නිසා ජනාධිපතිවරයා පවා නැත්තේ නැතිවීමට බොහෝ ඉඩ ඇති බවයි. ගෝඨාගේ දේශපාලනය ලප් තැනින් ලෝප් කරන්නේ මෙවැනි අභිකුණ්ඨක තක්කඩි දේශපාලඥයින් බව රජයේ ප්‍රබලයා අප වෙත පවසා සිටියේය.

බොරු දේශප්‍රේමිත්වයක් පෙන්වා රට ලෝකාය ඉදිරියේ දණ ගැස්සවීම් සිදු කරන්න්නේ ජනාධිපතිවරයාව නැත්තේ නැති කරමින් බව රජයේ ප්‍රබලයා පවසා සිටියේය. මෙම කුඨ ක්‍රියාව සම්බන්ධයෙන් හොඳින් දන්නා බැසිල් රාජපක්ෂ විසින් පෙරලා පිට මෙවැනි පුද්ගලයින්ට පහර ගැසීම් සිදු කරන්නේ ද මේ අසික්තික වැඩ නිසා වෙනි. බැසිල් හා විමල් අතර පවා මේ ඇවිල්ලෙන්නේ මෙවැනි ගැටුමක්ය. එහි මුලාරම්භය ගම්මන්පිල විසින් ඇද බාන බොරු නිසා බව කිව යුතුමය. ගම්මන්පිලගේ බාර විසින් අමාත්‍යංශයේ එහි විශ්වාසනිය රාජ්‍ය නිලධාරින් කියා සිටින්නේ කිසිදු හරයක් නොමැතිව ගම්මන්පිල කටයුතු කරන බවයි. ඇතැම් අවස්ථාවලදී ගන්නා තීරණ වලින් හා පවසන දේවලින් ද නිලධාරින් ද දැඩි අපහසුතාවයට ලක් වන බව එම නිලදාරියා විසින් පවසා සිටියේය. තවද ඔහු විසින් ටෙන්ඩර් කැඳවීම්වලදී විශ්වාසනීයත්වය පලුදු වන ආකාරයේ දේ සිදු කරන බව මේ වන විට තහවුරු වී ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්මන්පිලගේ මේ නොමනා හැසිරීම නිසා තානාපති කාර්යාල පවා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යං‍හයේ ආරංචි මාර්ග අප වෙත කියා සිටියේය. එම අමාත්‍යංශය පවසා ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන අමාත්‍යවරයෙකු විසින් විදේශ සම්බන්ධතාවලට හානි වන ආකාරයේ ප්‍රකාශ කිරිම් නිසා සිදු වන්නේ රාජ්‍ය සබඳතා බිදවැටිමක් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් පහර පිට පහර ගසා මොවුන් මෙල්ල කිරීමේ වැඩපිළිවෙලක සකස් කර ඇත්තේ ද මෙම ජාතිකත්වය පිළිබඳ ඔලු උදමවාගෙන සිටින හිස් ගොබ්බයින් නිසා ආණ්ඩුවේ බිඳවැටීම නතර කිරිමටයි.

ගම්මන්පිලගේ සෑබෑ ගොන් කතා එදා සිටිම තිබු නමුත් රජයේ වගකීමක් දරන ඇමැතිවරයෙකු වු පසුවද එය සාක්ෂාත් වුයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා වශයෙන් සිදු කල අයවැය කතාවෙහි. එහිදී පවා ඔහු විසින් ඉන්දියාව දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් කතා කරනු ලැබුවේ ඔහු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙසයැයි සිතාය. නමුත් මේ අවස්ථාවේදී පවා ඉන්දියාව විසින් මෙරටට කරනු ලබන සේවය තුට්ටු දෙකට මායිම් නොකර බොරු ජාතකත්වයක් මවා පාමින් ගොඩනගන්නේ කුමක් සදහාදැයි අපටනම් පැහැදිලිය.
මේ කරන්නේ රජය සහමුලින්ම අපහසුතාවයට පත් කිරීමක් බව පැහැදිලිය. කෙසේ හෝ වේවා අගමැතිවරයාට පවා මොහු විසින් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කල යුතු නොවේද?

ගම්මන්පිල වැනි අයට රෙද්දක් ඇදන් කැබිනට් මණ්ඩලයට පවා වාඩි විමට හැකියාව තිබෙන්නේ දිව දෙකේ අය නිසා බවයි රජයේ ප්‍රබලයා විසින් අප වෙත කියා සිටියේ. කෙසේ වෙතත් තවදුරටත් මෙවැනි අනුවණ , දුර දිග නොබලා විදේශ රටවල ඇති සබඳතාවලට හානි කරන වචන භාවිත කරන පුද්ගලයින්ට රටේ ප්‍රබල තනතුරු ලබා දීමේ ප්‍රතිවිපාක අපට නුදුරේදීම දැක ගැනීමට හැකියාව ලැබුනේ ඇති බව ජනාධිපතිවරයා දැනුම් දී සිටින්නේ.

ජනාධිපතිතුමනි ඔබට ඔබගේ ආණ්ඩුව බේරා ගැනීමට හෝ ඔබ සිදු කරනවා යැයි කියු සෑබෑ වෙනස ඇති කිරීමටනම් මෙවැනි සුදු කොට කෙප්පයාව ආණ්ඩුවෙන්ම පන්නා දැමිය යුතුය. ඡන්දයක් කරන්න ජනතාවගෙන් රුපියල් 100 ක් හිගා කෑ කෙනා දැන් ඔබට හිගාකන තැනට වැඩ කිරීමක් කරන බවයි රජයේ ප්‍රබලයා විසින් මේ හෙලිදරව් කර සිටියේ.

විශේෂයි – රජයේ ප්‍රබලයා

Post Views: 7
Previous Post

කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි ව්‍යාපෘතියේ වැඩ යළි අරඹනවා -ඇමති ඩලස් කියයි

Next Post

ජනතා සහන කප්පාදු කිරීමට ආණ්ඩුව සුදානම් නෑ – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

editor

editor

Next Post

ජනතා සහන කප්පාදු කිරීමට ආණ්ඩුව සුදානම් නෑ - රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved