• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා දේපල විකුණන මතයේ නෑ – අගමැති මහින්ද

1 February 2021
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට යන බවට වෘත්තිය සමිති හා රට පුරා පවතින ආන්දෝලනය පිළිබඳව ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අගමැතිවරයා මෙසේ කියා සිටියේය ” ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ.”

 

Post Views: 14
Previous Post

ස්වභාවික වායුව අස්වාභාවික විසඳුමක්ද? ( අරුණ පුවත්පත )

Next Post

කප්පම් එක්ක රජවෙන වෙබ් මාෆියාව

editor

editor

Next Post

කප්පම් එක්ක රජවෙන වෙබ් මාෆියාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved