• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාගේ ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත් වෙලා ඉවරයි – අනුර දිසානායක

30 June 2021
in දේශීය

කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත්වුණු ආණ්ඩුව සහ නායකයා බවට මේ ආණ්ඩුවත් ගෝඨාභය ජනාධිපතිවරයාත් පත්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවුසවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදිය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ නමුත් ආණ්ඩුව විටෙක පොලීසිය යොදා ගනිමින්, තව විටෙක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින්, තව විටෙක මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම්වලට මර්දනය දියත් කර තිබෙන බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ” මේ රට සෞභාග්‍යය කරා ගෙනයන්න මහින්ද රාජපක්‍ෂට බැහැ, එය කළ හැකි වන්නේ ගෝඨාභය රාජපක්‍ෂට කියලා මීට පෙර ප්‍රචාරය කළා. ඒ අවස්ථාවේ ගෝඨාභයට මහින්ද වැඩ කරන්න නොදෙන බවටත් කසුකුසුවක් ප්‍රචාරය කර තිබුණා. දැන් කියන්නේ රටේ අනාගතය බැසිල් රාජපක්‍ෂට නිර්මාණය කරන්න පුළුවන් කියලයි. ඒ කියනකොටම ගෝඨාභය මුළුමනින්ම අසාර්ථක බව කියවෙනවා. අගමැතිවරයාත් අසාර්ථක බව කියවෙනවා. ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් නොතේරෙන බව කියවෙනවා. ඒ නිසා මෙය ගොඩ ගන්න බැසිල් රාජපක්‍ෂ ගේන්න ඕනෑ බව කියනවා. ටික දවසක් ගියාම බැසිල් රාජපක්‍ෂත් කියයි වෙන රාජපක්‍ෂ දරුවෙක් මේ ක ගොඩගන්න ගේන්න ඕන කියලා. මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ පාලනයේ අසාර්ථකකමත් පාලකයන්ගේ අසාර්ථකකමත් තනි තනි පුද්ගලයන්ට පටවා මැජික්කාරයෙක් වගේ ගොඩගන්න පුළුවන් කියලා කියන්නයි. මේ ආණ්ඩුවේ මේ වෙනකං බැසිල් රාජපක්‍ෂ වගකිව යුතු වැඩ කොටසක් ඉටු කළා. ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් ප්‍රධානම මෙහෙයුම් කළේ බැසිල් රාජපක්‍ෂ. 2020 අප්‍රේල් මාසයේ ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා හැටියට බැසිල් රාජපක්‍ෂ පත්කළා. ඒ වගේම අත්‍යාවශ්‍ය මහජන සේවාවන් කොවිඩ් වසංගය හමුවේ මෙහෙයවීමේ සම්බන්ධීකරණ සහ පසු විපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. හැබැයි කොවිඩ් වසංගය උත්සන්න වෙනකොටම රටෙත් නැතිව ගියා. හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියත් බැසිල් රාජපක්‍ෂ. අද ගොවි ජනතාව රට පුරාම පාරට බැහැලා පොහොර නැතුව. බැසිල් රාජපක්‍ෂ අමුතු ජීවියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ සිට ප්‍රධානම මෙහෙයුම්කරුවක් විදිහට සිටියා. ඔහු මේ දක්වා ගෝඨාභය වගේම අසමත් වී සිටිනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මහින්ද, බැසිල්, ගෝඨාභය ත්‍රිත්වයම අසමත්. චමල් රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, නිපුන රණවක කියන පවුලම අසාර්ථකයි. ඔවුන් අනුගමනය කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය, ආණ්ඩුකරණ ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ මැදිහත්වීමත් අසාර්ථකයි. ඒ නිසා අසාර්ථක මැදිහත්වීම්වල සාර්ථකත්වය ලබාගන්න බැසිල් රාජපක්‍ෂ පත්කළ යුතුයි කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් යනවා. මේ අර්බුදය නිර්මාණය කරන්නන් සහ තීව්‍ර කරන්නන් මේ හැම දෙනාමයි. ඒ වගේම මෙවැනි පවුලක් අතට මුළු බලයක් දෙන්න ඕනැද කියලා පුරවැසියන් කල්පනා කළ යුතුයි. අර්බුදයේ නිමවුම්කරුවන්ගෙන් වගේම එය තීව්‍ර කරන්නන්ගෙන් විසඳුම් ලබාගන්න පුළුවන්ද කියලා කල්පනා කරන ලෙස අපේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

Post Views: 7
Previous Post

තිස්ස වැවේ රොන්මඩ ඉවත් කරන්නේ චීන හමුදාවෙන් නෙමෙයි – ආරක්ෂක ලේකම්

Next Post

2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි

editor

editor

Next Post

2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved