ගොතටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළොන්නාව දෙස සිට ගොතටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියැදුරා වන අතර, මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. කොළොන්නාව පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














