27 April 2024
#දේශීය

ආණ්ඩුව බහුජාතික කම්පැනිවල රූකඩයක් – විපක්ෂනායක කියයි

අද වන විට රටේ ධීවර ජනතාව බලවත් පීඩාවකට ලක්ව සිටින බවත් එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුනු විනාශයට අඩු තරමේ ධීවර ප්‍රජාවට හෝ වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කොට නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව බහුජාතික කම්පැනිවල රූකඩයක් බව පැවසූ විපක්ෂනායකවරයා ආණ්ඩුව මේ රටේ ධීවර ජනතාවගේ අයිතීන් විදේශීය ඩොලර් කාක්කන්ට පවරා ඇති බවත් පැවසීය.

විපක්ෂනායකවරයා අද (14) “ගොවි හදගැස්ම” වැඩසටහනට සමගාමීව ධීවර ගැටලු විමසීමේ වැඩසටහනකට ද එක් විය.

අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිත ධීවර ප්‍රජාව හමුවූ විපක්ෂනායකවරයා ඔවුන් ගේ ගැටලු පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කළේය.

ඒකාන්ත වශයෙන්ම සමගි ජන බලවේග රජයක් යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරන බවත් මේ රටේ මත්ස්‍ය අස්වැන්න නෙලන ධීවර ප්‍රජාවගේ ජීවිත ගොඩ නැංවීමේ කටයුත්ත ඉටු කරන බවත් එහිදී විපක්ෂනායකවරයා පැවසීය .

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදාරච්චි, හිටපු මන්ත්‍රීවරුන් වන බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *