රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙල යටතේ, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහක දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදයට යොමු කර තිබේ.
මෙම නව වැඩපිළිවෙල මගින්, 2026 ජූලි මාසයේ සිට සියලුම අනුග්‍රාහක වාර ප්‍රවේශපත්‍ර www.pravesha.lk වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියාව උදාවේ.
අනුග්‍රාහක වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන රාජ්‍ය ආයතන, තම ආයතනය මෙම ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි විය යුතු අතර, තනි පුද්ගල රාජ්‍ය නිලධාරීන් ‘ප්‍රවේශ’ ජංගම දුරකථන යෙදවුම (Mobile App) හෝ www.pravesha.lk වෙබ් අඩවිය හරහා, තමන් සේවය කරන ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියා මාර්ගයෙන් ලියාපදිංචි විය යුතුය. එලෙස ලියාපදිංචි වූ නිලධාරීන්ට ජූලි මාසය සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීම 2026 ජූනි 15 වන දින සිට සිදුකළ හැකිය.
මෙම වැඩපිළිවෙල ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය’ (CSRP) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි අරමුණ වන්නේ රාජ්‍ය සේවකයන්ගේ පහසුව වැඩි කිරීම සහ දුම්රිය සේවාව වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය නිලධාරීන්ගේ සුබසාධනය උදෙසාත් රජය පූර්ණ මැදිහත්වීමක් සිදු කරන බවයි. ආර්ථිකය ස්ථාවර කරගනිමින්, ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට රජය සූදානම් බවත්, අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
















