රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පියවීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් නව නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, රාජ්‍ය අංශයේ පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් ලෙස තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු ජුනි 15 වන දින රාජ්‍ය සේවයට බඳවා ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, රාජ්‍ය සේවයේ පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 දෙනෙකුට මෙම මස 30 වන දින පත්වීම් ලිපි නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















