• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි 7,170ක සහන පැකේජයට COPA අනුමැතිය!

4 August 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 7,170ක සහන පැකේජයට COPA අනුමැතිය!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික අපහසුතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය හඳුන්වා දී ඇති රුපියල් කෝටි 7170ක සමස්ත සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPA) අනුමැතිය හිමි වී තිබෙනවා. කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වන දින පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමේදී මේ බව අනාවරණය විය.
මෙම සමස්ත රුපියල් කෝටි 7170ක මුදල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර, 2026 මැයි සහ ජූනි මාසවලදී ලබා දුන් ඉන්ධන සහනාධාර ඇතුළු සහන සඳහා වන ගෙවීම් පියවීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් කෝටි 5280ක මුදලක් සහ අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරය, කුඩා තේ වතු හිමියන්ගේ පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාර සඳහා ලබාගැනීම හේතුවෙන් අඩුවී තිබූ වාර්ෂික අයවැය සංචිතය නැවත පූරණය කිරීම පිණිස වෙන් කළ රුපියල් කෝටි 1890ක මුදලක් මීට ඇතුළත් වේ. ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් එනම් රුපියල් කෝටි 5280ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.
අප්‍රේල් මාසයේ ඉන්ධන සැපයුම්කරුවන් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 1500ක් ද, ලංකා IOC සමාගමට රුපියල් කෝටි 2.34ක් ද, සයිනොපෙක් සමාගමට රුපියල් කෝටි 1.50ක් ද සහ RM Parks සමාගමට රුපියල් කෝටි 1.66ක් ද වශයෙන් සහනාධාර ලබා දී ඇත. මීට අමතරව, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් කෝටි 8200ක්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් කෝටි 1500ක්, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 300ක්, කුඩා වැවිලිකරුවන් සඳහා රුපියල් කෝටි 220ක් සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් කෝටි 120ක් ලෙස විවිධ අංශ වෙත ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම කිසිදු ඉල්ලීමක් හරහා 2026 වසරේ සමස්ත වියදම් සීමාව හෝ ණය ගැනීමේ සීමාව ඉහළ නොයන අතර, මෙය පවතින වෙන් කිරීම් නැවත ප්‍රති-වෙන්කිරීමක් පමණක් වන අතර සමස්ත මුදලම පියවනු ලබන්නේ ‘දිට්වා’ වෙනුවෙන් වෙන් කරන ලද අතිරේක ඇස්තමේන්තුවේ භාවිත නොකළ ශේෂයන් හරහාය. මීට අමතරව, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු 2028 වසර අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත අධිවේගී මාර්ගවල විදුලි සැපයුම් කටයුතු ආරම්භ කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

නුවරඑළියට දැඩි ආපදා තත්ත්වයක්!

Next Post

අද පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි!

Editor TTV News

Editor TTV News

Next Post

අද පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved