වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් 150ක ඉහළ මිලකට වී මිලදී ගතහොත්, මෝල්හිමියන් විසින් සහල් මිල තවත් ඉහළ දැමීමට බලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගොවියාට පිරිවැයට සරිලන සාධාරණ මිලක් ලබාදීමේදී පොදු පාරිභෝගිකයා අපහසුතාවයට පත්නොවන ක්‍රමවේදයක් සකස් කිරීමේ ගැටලුවක් මතුව ඇති බවයි.
වී මිලදී ගැනීමේ මිල ඉහළ දමනවාද, නැතහොත් ගොවීන්ට වෙනත් සහන ක්‍රමයක් ලබාදෙනවාද යන්න පිළිබඳව රජය අවධානය යොමු කරමින් සිටින බවත්, ගොවියා රැකගන්නා ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරි කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















