ඓතිහාසික යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කර, එම පරිශ්‍රය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු විය.
ඓතිහාසික අනන්‍යතාව සහ නවීන යටිතල පහසුකම්
යාපහුව රාජධානියේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් නොවන පරිදි, නවීන සංචාරක අවශ්‍යතා සපුරාලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් සඳහා මෙම ස්ථානයේ ඇති ඓතිහාසික වැදගත්කම මනාව විදහා දැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය නුගලියද්දේ සමිතනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සහ මහාචාර්ය සමිත මානවඩු යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














