හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු, දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ යතුරුපැදි සොරකම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව මීගමුව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. 2026.05.06 සහ 07 යන දිනවලදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා, මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මීගමුව පොලිසිය විසින් විමර්ශන පවත්වා ඇත.
එම විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මෙසේය:
සැකකරුවන් මිනුවංගොඩ පොලිස් වසමේදී යතුරුපැදි දෙකක් සොරකම් කර ඇත.
බඩල්ගම, කටාන, මිනුවංගොඩ සහ දිවුලපිටිය යන පොලිස් වසම්වලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑම් සහ ජංගම දුරකථන සොරකම් රැසකට මොවුන් සම්බන්ධ බව හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














