• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව යාළුවෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහනවා – මන්ත්‍රීනි රෝහිණි

26 August 2021
in දේශීය

සල්ලිවලට කෘෂි රසායන දෙන්නේ නැති ආණ්ඩුව, ගජමිතුරු වෙළෙන්දෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහන බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළේය “ ආණ්ඩුව බලයට ඇවිත් 2019 නොවැ. 27 පළමු කැබිනට්ටුවේ, පළමු රැස්වීමේ දී කරපු පළමු වැඩේ ඡන්දෙට වියදම් කරපු ගජමිතුරන්නට බදු සහන ලබාදීමයි. උපයන විට බද්ධ, වැට් බද්ධ, ජාතිය ගොඩනැගිමේ බද්ධ. කොටස් වෙළෙඳපොල බද්ද ආදී එකි මෙකී හැම බද්ධක්ම අඩු කරලා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ආණ්ඩුව අඩු කර ගත්තා. දැන් රජයේ සේවකයින්ගෙන්, පඩිය හිඟා කනවා. දැන් රට කරන්න දිගට හරහට ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා. අගෝස්තු 20 දවසට රු.බිලියන 29 ක් අච්චු ගැහුවා. අද මහ බැංකුව කියන්නේ සල්ලි අච්චු ගහන මැෂිමක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරන්නේ මුද්‍රණාලයාධිපති ගේ වැඩේ. මුදල් ලේකම් සල්ලි ඉල්ලලා ලියුම් ලියලා සල්ලි ඉල්ලලා, එයාම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට වාඩි වෙලා සල්ලි අච්චු ගහන්න අවසර දෙනවා.

මුදල් රාජ්‍ය ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති කියනවා මුදල් අච්චු ගැහුවට බඩු මිල ඉහළ යන්නේ නෑ කියලා. දැන් පලාත් සභාවට කතා කර කර කියනවා රට වහලා තිබ්බට කොහොම හරි මෝටර් රථ ප්‍රවාහණයේ ඇරලා සල්ලි ටික එකතු කරලා දෙන්න කියලා. මේ රටේ කවුරුත් ධනපතියන්ට බදු සහන දීලා සීනි, හාල්, පරිප්පු, ඖෂධ, ගෑස්, ඉන්ධන මිල ඉහළ දාන්න කිව්වේ නෑ. කෘෂි රසායන ගෙන්වන්න මුදල් නැති කර ගන්න කිව්වේ නෑ. සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකම මිල දෙගුණයකට වැඩිය වැඩිවෙලා තියෙනවා.

මොන අවාසනාවන්ත කාලය ආවත් ගොවිබිම්වල කන්න එළවළු – පළතුරු ටික හැදුණා. දැන් කෘෂි රාසායන නැතිව වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිව උඩරට එළවළු වත්තේ කුණු වෙනවා. ඒක කිව්වාම, ඡන්දෙට වියදම්කරපු ගජමිතුරෙකුට කෘමිනාශක, දිලීර නාශක අලෙවියේ ඒකාධිකාරය දෙන්න හදනවා. ගොවියාට බීලා මැරෙන්නවත් අද වල් නාශකයක් නෑ.

සීනි ඒකාධිකාරය දිලා රු. 65 ට ගෙන්වපු සීනි දැන් රු. 220 ට කනවා. මේ ආණ්ඩුව දුප්පතාගේ ඔළුවට පිස්තෝලේ නොතියා සේසතම පැහැර ගන්නවා.

පොහොර ටික, කෘෂි රසායන ටිකට සල්ලිවලට දෙන්න කැමති නැති ආණ්ඩුව කිරි පිටි වලට බදු සහන දුන්නා. දැන් ආණ්ඩුවට ආදායමත් නෑ. මිනිස්සුන්ට කිරි ත් දෙකම නෑ. ගොවියාට කෘෂිරසානයන ටික දුන්නා නම් රටට අල බතල ටික හදාගන්න තිබුණා. නිකං නෙවෙයි, සහන මිලට නොවෙයි, සල්ලිවලට වත් රටේ කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න දෙන්නේ නැති ආණ්ඩුව කටින් රෝකට් යවනවා.

අද මුදල් අමාත්‍යාංශය යාලුවන්ට බදු සහන දෙන දන්සලක් වෙලා. අලුත් මුදල් ඇමතිතුමා එනකොට හන්දි ගානේ කොඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා කවි ගී ලිව්වා. නිදහසින් පස්සේ හිටපු මුදල් ඇමතිවරු, ජේ.ආර්., වන්නිනායක, ඇන්.එම්., ෆීලික්ස් ඩයස්, රෝනී ද මෙල්, චන්ද්‍රිකා, මංගල හත් දෙනාගේම මොළ හතම තියනවා කියලා බැනර් ගැහුවා. දැන් ඩී.බී.විජේතුංග මුදල් ඇමතිතුමා කිව්වා කිව්වා මගේ ප්‍රතිපත්තිය ධනපතියාගෙන් අරං දුප්පතාට සහන දෙන එක කියලා. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත. ධනපතියෝ කිව්ව ජේ.ආර්., ෆීලික්ස් ඩයස්, රෝනී, චන්ද්‍රිකා ලා වත් මෙහෙම කළේ නෑ. වගා කරලා කාපු රටක් දැන් හිඟා කාලා කන තැනකට පත් වෙලා තියෙන එකෙන් මහා වැඩකාරයොන්ගේ මොළයේ ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් යැයි ද රෝහිණී කවිරත්න නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Post Views: 10
Previous Post

විදේශගත වන්නන් සදහා කොවිඩ් -19 එන්නත් සහතිකය ලබාගැනීමට මාර්ගගත Online පහසුකම් මත

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි බව ඇමැති කෙහෙලිය කියයි

editor

editor

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි බව ඇමැති කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved