5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.
විභාගයේ II වන ප්‍රශ්න පත්‍රය පෙ.ව. 09:30 සිට පෙ.ව. 10:45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වාත් පැවැත්වේ. අයදුම්කරුවන්ගේ පැමිණීමේ ලේඛන අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා ඇති අතර, තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම් අද (23) සිට අගෝස්තු මස 03 වන දින දක්වා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) ඒ සඳහා පහසුකම් සලසා ඇත.














