2026 ඔක්තෝබර් 15 වැනිදා රාත්රියේ ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණි නදී මාවත ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 200යි මිලිග්රෑම් 600ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 18ක් වන කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















