2026 ඔක්තෝබර් 15 වැනිදා රාත්රියේ වැලිකඩ පොලිස් වසමේ පොල්වත්ත ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 104ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 26,000ක මුදලක්ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාජගිරිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















