ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල කඳවුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් පොලීසිය පවසයි.
ඊයේ (28) රාත්‍රී රෝහලට ඇතුළත් කර ඇති මෙම පුද්ගලයා අද (29) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරු 65 හැවිරිදි හේනමුල්ල කඳවුර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පහරදීමක් හේතුවෙන් සිදුවූ තුවාල මත මෙම මරණය සිදුව ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















