• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Great Manager 2023 සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා අඛණ්ඩව 6 වන වරටත් විශිෂ්ට සම්මානයක්

31 May 2024
in පුවත්, ව්‍යාපාර
Great Manager 2023 සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා අඛණ්ඩව 6 වන වරටත් විශිෂ්ට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් මෙන්ම අලියාන්ස් එස් ඊ ගෝලීය සමූහයේ සාමාජිකයෙකු ද වන අලියාන්ස් ලංකා පසුගියදා පැවැති Great Manager Awards 2023 සම්මාන උළෙලේ දී අංශ රැසකින් සම්මානයට පාත්‍ර විය.මෙම වසරේ පැවැත්වූ සම්මාන උළෙලේ දී අලියාන්ස් ලංකා හි සාමාජිකයින් 9 දෙනෙකු සම්මානයට පාත්‍ර වීමත් සමග අඛණ්ඩව 6 වන වරටත් “විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම” ලෙස පිළිගැනීමට ලක් විය. මෙම වර්ෂය සමග, පසුගිය වසර කිහිපය තුළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 37 දෙනෙකු සම්මානයට පාත්‍ර වී තිබේ. මෙහි කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ, Great Manager සම්මානය ලබා ඇති අලියාන්ස් ලංකා හි කාර්ය මණ්ඩලයෙන් 30% පමණ කාන්තාවන් වීමයි.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස් ජයග්‍රාහකයන්ට සිය සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේ; මෙම සම්මාන මගින් අලියාන්ස් ලංකා හි කළමනාකාරීත්වය සිය විශිෂ්ටත්වය පෙන්නුම් කරන ලද අතරම, මෙම වසරේ සම්මානයට පාත්‍ර වූ සාමාජිකයින් 9 දෙනා ගැන සමාගමක් ලෙස ඔවුන් ආඩම්බර වන බවත් ය. එසේම, රක්ෂණ සේවා පිරිනැමීම් (Insurance Offerings) සහ පාරිභෝගික සේවා (Customer Services) යන දෙඅංශයෙන්ම අලියාන්ස් ලංකා විශිෂ්ටත්වයට පත් කිරීමට සිය කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කරන බවත් ය.

Great Manager Awards 2023 සම්මාන උළෙලේ දී අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් බහු සම්මානයන්ගෙන් (multiple winners) පිදුම් ලැබිණි. ඒ අනුව නවීන් ජයසේකර, විදුමිණි කෞෂල්‍යා පෙරේරා සහ චමිලා අමුණුගම කණ්ඩායම් කාර්ය සාධනය සහ සහයෝගීතාව (Team Effectiveness & Collaboration) වෙනුවෙන් ද, ලිෂාන් ගුණතුංග, මධුරිකා අත්තිඩිය සහ කෝකිලා ධනුෂ්කි, ආයතන දැක්ම අනුව කටයුතු කිරීම (Aligning Organizational Vision) සඳහා ද, රිෂාන් ජුමාට් හට ප්‍රතිඵල කරා රැගෙන යාම සහ විශිෂ්ටත්වය විදහා පෑම සඳහා වන Great Manager සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර, කවිදු ගයාන් කරුණාරත්න සහ මලික් පීරිස් හට Great Millennial Managers යන සම්මානය පිරිනැමිණි.

ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා ආයතනයක් වන අලියාන්ස් එස් ඊ සමූහයෙහි පූර්ණ අනුබද්ධිත සමාගම් ලෙස අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හදුන්වා දිය හැකිය. අලියාන්ස් සමූහයේ ඇති ගෝලීය ශක්තිය මෙන්ම ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම යන කාරණා එහි සාර්ථකත්වය සඳහා ප්‍රබල ලෙස බලපා තිබේ. විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා කැපවෙමින්, සිය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩ නැගීම වෙනුවෙන් අලියාන්ස් ලංකා නිරතුරුව ම කටයුතු කරමින් සිටී.

PR

Post Views: 2,581
Previous Post

එජාපයේ මහලේකම්ගේ යෝජනාව අස්සේ කුමන්ත්‍රණයක් – මන්ත්‍රි නිරෝෂන් 

Next Post

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව 01 වනදා කොළඹදී

editor ttvnews

editor ttvnews

Next Post
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව 01 වනදා කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved