• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහා සූපවංශය – එළිදක්වයි

28 July 2018
in සංවර්ධන

දෙස් විදෙස් සුපතළ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත “මහා සූපවංශය” කෘතියේ ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කොළඹ දී සිදු විය.

එහි පළමු පිටපත ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

වසර 61 ක සිය අත්දැකීම් සහ සුප ශාස්ත‍්‍රය තුළ සිදුකරන ලද පර්යේෂණ ආශ‍්‍රයෙන් සම්පාදනය කර තිබෙන මෙම කෘතිය සිංහල බසින් ජනගත කිරීම 2017 අපේ‍්‍රල් 24 වනදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වටිනා ග‍්‍රන්ථය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර ඒ හරහා දේශීය ආහාර වට්ටෝරු ජාත්‍යන්තර වෙත ගෙනයාමට එහිදී ජනාධිපතිවරයා පබිලිස් සිල්වා මහතා වෙත කළ අරාධනය අනුව මෙම කෘතිය ඉංගී‍්‍රසි භාෂාවෙන් පළ කිරීමට පියවර ගැනුණු අතර ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා අවශ්‍ය අනුග‍්‍රහය ද ලබා දෙන ලදී.

අද පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අභිමානවත් ඉතිහාසයකට හා මහා සංස්කෘතියකට උරුමකම් කියන විශිෂ්ට ජාතියක් වූ අප එම අතීත දායාදයන් තව තවත් පුබුදු කරමින් අපේ මාතෘභූමියේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට හඳුන්වාදීමට කටයුතු කළයුතු බවයි.

ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ මහා සූපවංශය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කිරීම තුළින් අපේ රටේ ඉතිහාසය සහ මහා සංස්කෘතිය ජාත්‍යන්තරය විසින් තව තවත් හඳුනාගනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

හුණුපිටිය, ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර නායක ස්වාමින් වහන්සේ ද, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

මම දෝංකාරය යි ලබන 01 වෙනිදා

Next Post

රිෂාඩ්ට සම්මානයක්

editor

editor

Next Post

රිෂාඩ්ට සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved