අමෙරිකන් ඩොලර් බිලියන 3.5ක වටිනාකමකින් යුත් ගුවන් ආරක්ෂක පද්ධතියක් ඊශ්‍රායලයෙන් මිලදී ගැනීම සඳහා ග්‍රීසි ආරක්ෂක කවුන්සිලයේ අවසන් අනුමැතිය අද (23) ලබාදීමට නියමිතව තිබේ.
ඩ්‍රෝන යානා, ගුවන් යානා සහ බැලස්ටික් මිසයිල මැඩපැවැත්විය හැකි මෙම නව ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමට අමතරව, ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2036 වසර වන විට යූරෝ බිලියන 28ක් වැය කිරීමටද ග්‍රීසිය සැලසුම් කර ඇත. ඒ යටතේ අමෙරිකාවෙන් නවතම F-35 ප්‍රහාරක ගුවන් යානා 40ක් මිලදී ගැනීමටද නියමිත අතර, මේ වන විට නේටෝ සංවිධානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉහළම ප්‍රතිශතයක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කරන රට බවට ග්‍රීසිය පත්ව තිබේ.














