මතුගම, නෑබොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අද (11) පස්වරුවේ නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. සැකකරුවන් විසින් මෙම ප්‍රහාරය සඳහා T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති අතර, වෙඩි වැදීමෙන් නිවසට දේපළ හානි සිදුව ඇත. ප්‍රහාරය එල්ල කිරීමට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මතුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
















