ජාතික ජන බලවේගයට (මාලිමාව) බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නිල මුදල් සේප්පුවේ තැන්පත් කර තිබූ රුපියල් දොළොස්දහසක (12,000) මුදලක් අස්ථානගත වී ඇති බව වාර්තා වේ.මෙම අභිරහස් මුදල් අතුරුදන් වීම පිළිබඳව ප්‍රාදේශීය සභා බලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. සභාවේ මූල්‍ය කටයුතු සහ සේප්පුවේ ආරක්ෂාව භාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් මෙන්ම එහි සේවකයින්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.














