මිල අධික ඛනිජ තෙල් මත පදනම් වූ තාප විදුලි උත්පාදනය හේතුවෙන් ජාතික ආර්ථිකයට සහ පාරිභෝගිකයාට එල්ල වන පීඩනය නිමා කරමින්, මෙරට බලශක්ති ක්ෂේත්‍රය ස්ථාවර මාවතක් කරා මෙහෙයවන දැවැන්ත උපායමාර්‌ගික ප්‍රවේශයක් හම්බන්තොට කලාපය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී තිබේ. දේශගුණික විපර්‌යාස සහ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අස්ථාවරත්වය හමුවේ වුවද, දේශීය විදුලි පද්ධතියේ සුරක්ෂිතතාව උපරිම මට්ටමකින් තහවුරු කිරීමට මෙමඟින් මඟ පෑදේ. මහජනතාව මුහුණ දෙන දෛනික බලශක්ති අනාරක්ෂිතභාවය නිමා කරමින්, රටේ පොදු ආර්ථික ප්‍රගමනය උදෙසා ස්ථාවර වටපිටාවක් සැකසීම මෙහි ප්‍රමුඛතම අරමුණයි.
මෙම ජාතික මෙහෙයුම යටතේ හම්බන්තොට ස්ථාපිත කෙරෙන සූර්‍ය බලශක්ති පහසුකම මඟින් දිනකට ජනනය කරනු ලබන මෙගාවොට් පැය 750 (750 MWh) ක දැවැන්ත විදුලි ධාරිතාව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 250,000 කට අධික සංඛ්‍යාවක සිට ලක්ෂ තුනකට (300,000) වඩා වැඩි ප්‍රමාණයක මාසික විදුලි පරිභෝජන අවශ්‍යතාව සපුරාලීමට සමත් වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමෙන් අනතුරුව, වඩාත් විනිවිදභාවයකින් යුතු නව නියාමන රාමුවක් යටතේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ට්‍රැවිස් ඩි රෝස් වැනි දේශීය හා විදේශීය ආයෝජන නායකත්වයන් සමඟ Southern Nexus, DHCE සහ GTC සමාගම් ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම ඉදිරියට ගෙන යනු ලබයි.
නවීන තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම පද්ධතිය හරහා ඉදිරි දශක කිහිපය තුළ දේශීය බලශක්ති අවශ්‍යතාව සහ පාරිසරික සංරක්ෂණය අතර පවතින ද්වන්ධ සටන අවම කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පාරිභෝගික සහ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට මෙමඟින් අපේක්ෂිතය. ඒ අනුව, නවීන තාක්ෂණික ඥානය සහ විදේශීය ආයෝජන නිසි පරිදි ඒකාබද්ධ කිරීමෙන් ඕනෑම දැවැන්ත බලශක්ති අභියෝගයක් සාර්ථකව ජයගත හැකි බවට ශ්‍රී ලංකාව ගෝලීය තලයේ කදිම ආදර්ශයක් සපයයි.
















