මහා පරිමාණ කාර්‌මික සහ බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී සිදුවිය හැකි පාරිසරික බලපෑම් සහ නීතිමය ගැළපුම පිළිබඳව මහජනතාව සහ පාරිභෝගික ක්ෂේත්‍රය තුළ පවතින දැඩි අවධානය සලකා බලමින්, රාජ්‍ය නියාමන රාමුවට අනුකූලව උපරිම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික මට්ටමේ සංවර්ධන පියවරක් සාර්ථක කරගැනීම සඳහා විවිධ රාජ්‍ය ආයතන සතු විධිමත් නිර්‌ණායකයන් සහ පාරිසරික ප්‍රමිතීන් සපුරාලීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙම පසුබිම තුළ, ව්‍යාපෘතියේ සෑම අදියරක්ම දැඩි රාජ්‍ය අධීක්ෂණයට ලක් කිරීම, ප්‍රාදේශීය ප්‍රජාවගේ මෙන්ම සමස්ත රටේම තිරසාර පැවැත්ම තහවුරු කිරීමට හේතුවී ඇත.
ඒ අනුව, හම්බන්තොට මහා පරිමාණ සූර්‍ය බලශක්ති උද්‍යානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වඩාත්ම දැඩි නියාමනයකට සහ අධීක්ෂණයකට ලක්වූ හරිත බලශක්ති ව්‍යාපෘතියක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය ඉතා සූක්ෂ්ම මෙන්ම දැඩි ඇගයීම් අදියර තුනක් (03) සාර්ථකව සමත් වී ඇති අතර, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන රැසක නිල අනුමැතිය සහ නිරීක්ෂණ හිමිකරගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමෙන් අනතුරුව, වඩාත් විනිවිදභාවයකින් යුතු නව නියාමන රාමුවක් යටතේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ට්‍රැවිස් ඩි රෝස් වැනි දේශීය හා විදේශීය ආයෝජන නායකත්වයන් සමඟ Southern Nexus, DHCE සහ GTC සමාගම් ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම ඉදිරියට ගෙන යනු ලබයි.
රාජ්‍ය ආයතන රැසක අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන මෙම විධිමත් පාරිසරික ප්‍රවේශය හරහා ඉදිරි දශක කිහිපය තුළ දේශීය බලශක්ති අවශ්‍යතාව සපුරාලන අතරම, ජාතික සම්පත් සුරක්ෂිත කිරීමේ ද්විත්ව අරමුණ සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවෙයි. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පාරිභෝගික, ප්‍රාදේශීය ප්‍රජා සහ ආයෝජක විශ්වාසය එකලෙස තහවුරු කිරීමට මෙම නීත්‍යානුකූල පියවර සමත්වී තිබේ. ඒ අනුව, රාජ්‍ය නීති සහ වගකීම්සහගත ආයෝජන නිසි පරිදි පරිහරණය කිරීමෙන් ඕනෑම දැවැන්ත කාර්‌මික අභියෝගයක් නීත්‍යානුකූලව සහ පාරිසරික මිත්‍රශීලී ලෙස ජයගත හැකි බවට මෙය කදිම නිදසුනකි.
















