හන්තාන පරිසර ආරක්ෂණ කලාපය තුළ පිහිටි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් වටිනා භූමි කොටසක් පරිසර හිතකාමී කලාපයක් ලෙස නම් කර වන සංරක්ෂණ කටයුතු සඳහා පැවරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ පිළිබඳ විශේෂ යෝජනාවක් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුව වෙත දැනටමත් ඉදිරිපත් කර තිබේ. දැනට තේ හෝ වෙනත් කිසිදු ආර්ථික භෝග වගාවක් සිදු නොකෙරෙන, එහෙත් ප්‍රධාන ජල මූලාශ්‍ර රැසකින් සහ ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත භූමි ප්‍රදේශයක් මෙලෙස ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී ඇත. හන්තාන කඳුවැටිය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය සහ ජල පෝෂක ප්‍රදේශ නීති විරෝධී ඉදිකිරීම් හා මිනිස් ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කර ගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.














