පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන්ගේ මැණික් හා රත්‍රන් සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (28) නියෝග කර තිබේ.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ කෑගල්ලේ පදිංචි ජයන්ත බණ්ඩාර අතුකෝරල සහ තලවතුගොඩ පදිංචි සුදුහකුරුගේ ලයනල් රණවීර යන අයයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ නම සම්බන්ධ කරමින් මෙම වංචාව සිදුකර තිබූ බවට ඒ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි. යුද සමයේදී සොයා ගන්නා ලද පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දේව ප්‍රතිමාවක් 2016 වසරේදී යාපනයේ සිට දකුණට ගෙනවිත් වලදමා ඇතැයි පවසමින් වීඩියෝ සහ පින්තූර වට්ස්අප් හරහා යොමු කර මෙම වංචාව සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේද එවგදුන් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිටියදීය.














