හංවැල්ල පොලිස් වසමට අයත් ජල්තර ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබේ.
හංවැල්ල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැත. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳව හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.














