එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත වාර්තාව මඟින් පෙන්වා දෙයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශවල ජීවත්වන පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. අදාළ බලධාරීන් සහ ආපදා කළමනාකරණ අංශ විසින් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් දියත් කර තිබේ.














