හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක හෘද සැත්කමකින් (Bypass) පසු මේ වන විට වසර දහයකින් පමණ තරුණ වී නව ජවයකින් පසුවන බවයි.
පසුගිය 10 වන දින පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු සිනහවකින් යුතුව වැඩිදුරටත් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිමය ශක්තියට අමතරව, මෙම සැත්කමෙන් පසුව ඔහුගේ කොන්ද ද මේ වන විට ඉතා ශක්තිමත් වී ඇති බවයි.
සැත්කමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව උනන්දුවෙන් සිටින පිරිස් වෙත හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ සැහැල්ලු ස්වරූපයකිනි.
















