සංචාරක කර්මාන්තය හරහා ගුණාත්මක රැකියා උත්පාදනය කිරීම, තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට රැකියා වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථා ලබාදීම අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවති හෝටල් සහ නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය.
මෙම උපාධි පාඨමාලාව සඳහා බඳවාගත් පළමු ශිෂ්ය කණ්ඩායමේ අධ්යයන කටයුතු මෙලෙස ආරම්භ කර ඇති අතර, එම කණ්ඩායම සිසුන් 65 දෙනෙකුගෙන් සමන්විත වේ.
මෙම අවස්ථාවට අමාත්ය විජිත හේරත් මහතා, අමාත්යාංශ ලේකම්වරයා සහ ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















