පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි හිමියන් විසින් පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නංවා තිබුණද, හැටන් සහ ඒ අවට ප්‍රදේශවල අලෙවි කරන පාන් නියමිත බර ප්‍රමාණයෙන් තොරව අලෙවි කරන බවට පාරිභෝගිකයෝ දැඩි චෝදනා නඟති.
සාමාන්‍යයෙන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු වුවද, හැටන් ආශ්රිත බේකරි මඟින් අලෙවි කරන පාන් ගෙඩියක බර ග්‍රෑම් 350ත් 400ත් අතර ප්‍රමාණයකට අඩු කර ඇති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති. වැඩි මුදලක් ගෙවා පාන් මිලදී ගත්තද නියමිත බර නොලැබීමෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව පවසන ජනතාව, මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වහා මැදිහත් වී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.














