“පුනරුදයට පුරවර” යන තේමාව යටතේ හැටන් – දික්ඔය නගර සභාව විසින් ආරම්භ කර ඇති පළාත් පාලන සතියේ මහජන උපයෝගිතා දිනය නිමිති කර ගනිමින්, බේකරි නිෂ්පාදන (කෙටි ආහාර) පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් අද (15) දින හැටන් DKW සංස්කෘතික කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය.
හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත, ස්වයං රැකියාවක් ලෙස බේකරි නිෂ්පාදන හා කෙටි ආහාර නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන හැටන් – දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියාලාභීන් සහ කාන්තාවන් උදෙසා මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ප්‍රධාන සූපවේදියෙකු සම්බන්ධ කර ගනිමින් පැවැත්වූ මෙම වැඩමුළුවේදී, සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මක අයුරින් මෙම කෙටි ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සහභාගී වූ පිරිසට අවශ්‍ය උපදෙස් සහ දැනුවත් කිරීම් සිදු කරනු ලැබීය.














