හැටන් කොටගල නගරයේ පැවති විවාහ උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරුණු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අද (18) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 20 වන දින දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ මහජන සාමය කඩවන අයුරින් හැසිරීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
















