නුවරඑළිය දිස්ත්‍රික්කයට යලිත් තද වැසි පතිත වීමත් සමග හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයෙන් (04) දින අලුයම යලිත් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇති බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් මහතා පැවසීය. එසේ කඩා වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.පවතින වර්ෂාවත් සමග හැටන් – කොළඹ සහ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසත්, අවදානම් ස්ථානවල රථවාහන ගාල් නොකරන ලෙසත් විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.මේ අතර, හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පාලමක කොටසක් (03) දින පස්වරුවේ නායයෑමත් සමග එම පාලම මතින් රථ වාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කර ඇත.














