තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද (31) උදෑසන හැටන් පොලිස් වසමට අයත් රාජා වත්ත ඉහළ කොටසේ 7වන තේ යායේ ගසක සහ ගලක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇත. බඹර ප්‍රහාරයට ලක් වූ පිරිස මුදා ගැනීමට දුමාරයක් මවා උත්සාහ කළද, එම දුමාරය ඇති කළ පිරිසට ද බඹරුන් විසින් පහර දී ඇති බව ප්‍රහාරයට ලක් වූ වතු කම්කරුවෙකු පවසා තිබේ.
















