මධ්‍යම කඳුකර ප්‍රදේශයට අඛණ්ඩව ඇද හැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ දිය ඇලි ඉහළ සක්‍රිය තත්ත්වයකට පත්ව ඇති අතර, ඒ හරහා එම දිය ඇලිවල චමත්කාරජනක ස්වභාවයද මේ වන විට බෙහෙවින් වැඩි වී තිබේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙවන්, ශාන්ට් කේලේයාර් (St. Clair’s) සහ දියලුම ඇතුළු ප්‍රදේශයේ ප්‍රධාන දිය ඇලි ඉතා මනස්කාන්ත අයුරින් පූර්ණ ධාරිතාවෙන් යුතුව ගලා බසිනු දැකගත හැකි බව ප්‍රදේශවාසීහු පවසති.














