හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මෙරට මෙහෙයුම් ආරම්භ කර මාස නවයක් වැනි කෙටි කාලයක් ඇතුළත මෝටර් රථ 1,000ක් පාරිභෝගිකයන් වෙත සාර්ථකව භාරදෙමින් අතිවිශේෂ කඩඉමක් සනිටුහන් කර තිබේ. පවුල් සහ ව්‍යාපාරික ආයතන ඇතුළු පාරිභෝගිකයන් 1,000කට නව වාහන හිමිකාරීත්වය ලබාදීමට සමත්වීම හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සමාගම කෙතෙක් දුරට විශ්වාසය තබා ඇති දැයි මනාව පැහැදිලි වන බව කළමනාකාරීත්වය පෙන්වා දෙයි.
OMODA සහ JAECOO, KAIYI, SRM, CFMOTO සහ King Long යන ලෝකප්‍රකට සන්නාම යටතේ විද්‍යුත් (EV), හයිබ්‍රිඩ් සහ පෙට්‍රල් වාහන මෙන්ම මගී සහ වාණිජ වාහන රැසක් හේලීස් මොබිලිටි විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. දිවයින පුරා ව්‍යාප්ත වූ ශාඛා සහ සේවා ජාලය මෙන්ම ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක් සමඟ ඇති කරගෙන ඇති මූල්‍ය හවුල්කාරීත්වයන් මෙම වේගවත් වර්ධනයට මහෝපකාරී වී තිබේ.
මෙම සුවිශේෂී සැමරුම වෙනුවෙන් කොළඹ අල්ටෙයාර් පරිශ්‍රයේ OMODA සහ JAECOO ප්‍රධාන ප්රදර්ශනාගාරයේදී විශේෂ උත්සවයක් පවත්වන ලද අතර, එහිදී 1,000 වන වාහනය ලෙස JAECOO J8 PHEV රථය OMO Engineering (Pvt) Ltd වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි. හේලීස් සමූහයේ වසර 148ක උරුමය සහ හේලීස් ෆෙන්ටන්ස් හි ඉංජිනේරු අත්දැකීම් පදනම් කරගනිමින් පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ පසු අලෙවි සේවා සහ පරිපූර්ණ මොබිලිටි පරිසර පද්ධතියක් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.














