• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමති සුදර්ශිනීගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝහලේ HDU ඒකකය විවෘතවෙයි

26 May 2021
in දේශීය

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ ස්ථාපිත කර ඇති Respiratory High Dependency Unit (HDU) ඒකකය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (26) දින විවෘත විය.

ගම්පහ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුලු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම මත කඩිනමින් මෙහි කටයුතු ආරම්භ කිරීමට හැකිවීම පිළිබදව සිය ස්තුතිය පළකල රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටියේ මේ දිනවල රජය විසින් පනවා ඇති දැඩි සංචරණ සීමාවල සාධනීය ප්‍රතිඵල ජුනි මස 14 වනදා වනවිට දැකීමට අපේක්ෂා කරන බවත් එහි නියම ප්‍රයෝජනය ලබාගැනීමට නම් සෞඛ්‍ය අංශවල උපදෙස් නියමාකාරයෙන් පිළිපදිමින් ජනතාවගේ පූර්ණ සහයෝගය ඒ සදහා ලැබිය යුතු බවයි.

රාජ්‍ය හා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ස්ථාපිත කෙරුණු මෙම ඒකකය ඇදන් 15ක ධාරිතාවයකින් යුක්ත අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාව සහ ඇදන් 05ක් ඇතුළු උපකරණ පරිත්‍යාග කර ඇති අතර නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. රාජ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් මෙහි ශීතදාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය 24000BTU AC යන්ත්‍ර 05ක් සිංගර් ආයතනය විසින් ලබාදී ඇති අතර සෙසු වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධීකරණයෙන් ලබාදීමට හැකිවී ඇත.

අසාද්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ ආරම්භ කෙරුණු මෙම HDU ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව රාජ්‍ය අමාත්‍යවරිය පුද්ගලිකව සොයා බැලුවාය.

මෙම අවස්ථාවට ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන්, HDU ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බෝධික සමරසිංහ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනුර මුණසිංහ, විශේෂඥ වෛද්‍ය සමන් කුලරත්න, විශේෂඥ වෛද්‍ය ශ්‍රීධරන් යන වෛද්‍ය විශේෂඥයින් සමග රමාල් සිරිවර්ධන, තිලක් හතුරුසිංහ යන මහත්වරු එක්විය.

 

Post Views: 17
Previous Post

චීන ආධාර මත දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ශ්‍රී ලංකාවට

Next Post

නව නීතිපති ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව නීතිපති ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved