වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් නංවාලීම සඳහා උපරිම ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ කෑගල්ල, මාබෝපිටිය මහ විද්‍යාලයේ අලුතින් ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි.
පසුගිය පාලන සමයන්හිදී වැඩ අවසන් නොකර අතරමග නතර කර තිබූ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වත්මන් රජයේ සෘජු මැදිහත්වීම මත කඩිනමින් නිම කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8.4කි. රටේ අනාගත පරපුර වෙනුවෙන් භෞතික සම්පත් සම්පූර්ණ කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවත්, මෙවැනි අතරමග නැවතුණු ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කඩිනමින් ජනතා අයිතියට පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














