27 April 2024
#දේශීය

සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබෙන විදේශ රැකියා ටික හොර පාරෙන් වෙන අයට – රවි කුමුදේශ්ගෙන් චෝදනා

සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබෙනෙ විදේශ රැකියා අවස්ථා ටික තම තමන්ගේ පෞද්ගලික ඒජන්සි හරහා බෙදා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති මන්දිරේ කට්ටිය කඹ ඇදීමක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු කියා සිටියේ අවසානයේදී රටට ලැබෙන රැකියා ටික විනාශවෙලා, සෞඛ්‍ය වෘත්තීකයෝ අනාත වෙන තත්වයකට පත්ව ඇති බවයි.

එසේම සිංගපූරු රජය, ශ්‍රී ලංකා රජය සමග ඇතිකරගත් එකගතාවයකට අනූව හෙද වෘත්තිකයින් සදහා ලබා දීපු රැකියා 40000ක් මේ කඹ ඇදිල්ල නිසා දැනටමත් රටට අහිමි වී අවසන් බව ඔහු චෝදනා කර සිටි.

රජයට රැකියා අවස්ථා 40000ක් ලැබුණානම් එය නිවැරදිව සන්නිවේදනය කර වඩාම සුදුසු පුද්ගලයින් 40000ක් තෝරලා යවන එක ආණ්ඩුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බව කුමුදේශ් මහතා අවධාරණය කලේය.

නමුත් ඒවා රහසිගත තොරතුරු විදිහට තියාගෙන ජාවාරම් කරගෙන යන වගකිවයුතු නිළධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා රැකියා අවස්ථාව ලබා ගත් හෙද නිළධාරියක් සේවයෙන් පහ කරලා ලංකාවට එවා ඇති අතර අනිත් අය ගැනත් අවිශ්වාස නිසා, ඒ රැකියා අවස්ථා සියල්ල අහිමිවෙන තත්වයකට පත්ව ඇති බව ඔහු කියා සිටියේය.

මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂක වරයාගේ සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියගේ ලිපි දෙකක් හරහා කරලියට එන්නේ රජයට ලැබෙන රැකියා ටික පෞද්ගලිකව විකුණන පාර්ශව දෙකක කඹ ඇදිල්ල බවත් රටේ ආර්ථික අහේනියෙන් බේරෙන්න ලැබෙන රැකියා ටික සුදුස්සන් අතරේ බෙදලා දෙන එක නෙවේ ඒ අයගේ වගකීමක් වී ඇති බවත් රට යන එක්කෙනා කාගේ ලියුමෙන්ද යන්නේ කියන එක ගැටළුවක් බව කුමුදේශ් මහතා අනාවරණ කලේය.

කෙසේ වෙතත් අධ්‍යක්ෂක වරයාගේ අවසරය නොමැතිව විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනිය ලිපියක් නිකුත් කිරීමත් වැරදි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය නැතුව අධ්‍යක්ෂකවරයා විදේශ ආයතනයකට ලිපි ලිවීමත් වැරදි බවත් පවතින ක්‍රමයට පිටින් වැඩ කරන එක වගේම, එවැනි වැරදි නිවැරදි කිරීමටත් ක්‍රමයක් හා නිතීයක් තිබෙන බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *