තලවකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට අද (13) අලුයම සිට බලපා ඇති අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට සහ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මෙන්ම අතුරු මාර්ගවල ද පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, ඉතා සෙමින් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.















