27 April 2024
#දේශීය

මහ වැස්සට එප්පාවල වෙළඳසැල් ජලයෙන් යටවෙයි

ඊයේ (22) පස්වරුවේ ඇද හැළුණු ධාරාණීපාත වර්ෂාව හේතුවෙන් එප්පාවල නගරයේ වෙළඳසැල් කීපයක් ජලයෙන් යටවිය.

නගරයේ කාණු පද්ධතියද අවහිර වීම ඊට බලපෑ බව වෙළඳසැල් හිමියෝ පවසති.

ඊයේ (22) දිනයේදී දැඩි වර්ෂාපතනයක් එප්පාවල නගරයට ඇද හැළුණු අතර, ඒ හේතුවෙන් විශාල ජල කඳක් නගරයේ කාණු පද්ධතිය හරහා ගලා යාම සිදු විය.එම ජල ප්‍රමාණය කාණු පද්ධතියටද දරා ගත නොහැකි වීමෙන් අප ජලය බැස නොයාමෙන් වෙළඳසැල් රැසක් ජලයෙන් යටවිය.

මාර්ගයේද ස්ථාන කීපයක් ජලයෙන් යට විය. ව්‍යාපාරිකයින් විසින් වැසි ජලය මැදම කාණු වල සිර වී ඇති අපද්‍රව්‍යය ඉවත්කරන ආකාරය දැක ගත හැකි විය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *