2029 වසරට පෙර ආණ්ඩුවක් ලබාගැනීමට උත්සාහ කිරීම යනු මැදින් පැන කේක් කෑල්ලක් අහකින් කපාගෙන කනවා වැනි සාර්ථක නොවන වැඩක් බව හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
සමහර විපක්ෂයේ පිරිස් ජෝගි නැටුවද තමන්ට එලෙස ජෝගි නැටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු මතක් කර දෙයි. තමන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ කුමක්ද යන්න මෙන්ම එය සිදුකළ යුත්තේ කොතැනද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව තමන් කටයුතු කරන බවද හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















