• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගන්න සහාය වන්න – ජනාධිපති ලේකම්

9 July 2023
in දේශීය

පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.

 

Post Views: 17
Previous Post

ඉදිරි මැතිවරණයකදී රට වට්ටපු අයව ජනතාව ගෙදර යවයි – මන්ත්‍රී දුමින්ද

Next Post

ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය අනිවාර්යයි – ඇමති ප්‍රසන්න රණතුංග

editor

editor

Next Post

ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය අනිවාර්යයි - ඇමති ප්‍රසන්න රණතුංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved