27 April 2024
#දේශීය

මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්

විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මුණගැසීමෙන් අනතුරු ව අද (24) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවක් අතරතුර දී අදහස් දැක්වමිනි.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් නොවන පරිදි උසස් අධ්‍යාපන උපායමාර්ගික සැලැස්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු ආකරය පිළිබඳ ව මෙන් ම විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම් හරහා නව ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගනිමින් මෙරට උසස් අධ්‍යපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

විවිධ ව්‍යසනකාරී අර්බුද හමුවේ පසුගිය අවුරුදු දෙකහමාර තුළ මෙරට අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා පද්ධතියක් ලෙස විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන පද්ධතිය මෙහි දී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරු සහභාගී වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *