කාර්යබහුල ජීවන රටාවත් සමඟ පීඩාවට පත් වී සිටින මෙරට ජනතාවගේ මනසට සහ ආත්මයට සුවයක් මෙන්ම සැබෑ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරලීමේ සුවිශේෂී අවස්ථාවක් මෙරටදී සනිටුහන් වීමට සූදානම් වේ. හිමාලයේ සෘෂිවරුන්ගේ ඓතිහාසික ආධ්‍යාත්මික ශක්තිය සහ සැබෑ යෝගී සම්ප්‍රදාය සමඟ සෘජුවම සම්බන්ධ වීමට මෙතෙක් මෙරට ජනතාවට නොලැබුණු අතිශය දුර්ලභ අවස්ථාවක් මෙලෙස උදාකර දී තිබේ. මුළු මහත් ආසියානු කලාපයේම අවධානය දිනාගත් මෙම සුවිශේෂී ආධ්‍යාත්මික ගමන, ශ්‍රී ලාංකීය සමාජය තුළ නව යෝගී සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරනු ඇති බවට නොඅනුමානය.
හිමාලයේ රිෂිකේෂ් තපෝවන් යෝග ආශ්‍රමයේ ආචාර්ය හා උපදේශක මෙන්ම ආසියානු යෝග ආසන ක්‍රීඩා සම්මේලනයේ ශ්‍රී ලංකාවේ නිල නියෝජිත සහ බාහිර කථිකාචාර්ය, ආධ්‍යාත්මවේදී අර්ජුන වික්‍රමාරච්චි මහතා විසින් මෙහෙයවනු ලබන මෙම “ශ්‍රී ලංකා – හිමාලායානු යෝග වැඩසටහන් මාලාවේ” සමාරම්භක උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව 2026 මැයි මස 23 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 ට නුගේගොඩ, ශ්‍රී විජේරාම රාජමහා විහාරස්ථානයේදී මෙම මහා ආධ්‍යාත්මික උත්සවය උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී යෝගී පදනම සහ හිමාලායානු යෝග පාසල එක්ව සංවිධානය කරන මෙම අවස්ථාවට සහභාගී වන ජනතාවට ආරාධනා කරයි.
නූතන සමාජයේ පවතින මානසික ආතතියෙන් මිදී, හිමාලයේ පාරිශුද්ධ යෝගී ශක්තියෙන් තම ජීවිතය ආලෝකමත් කරගැනීමට කැමති සැමට මෙම සමාරම්භක අවස්ථාව විවෘත වන අතර, වැඩිදුර විස්තර 074 160 94 95 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැක.














