ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී මුල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පත්කර තිබේ.
තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ, මූල්‍ය සහ ආයතනික පාලනය යන ක්ෂේත්‍රයන්හි වසර 25 කට අධික දීර්ඝ කාලීන අත්දැකීම් සමුදායකින් හෙබි ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ මුලික උපාධිය සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් කේෂ්ත්‍රයේ හසල දැනුමක් සහිත විද්වත් වෘත්තිකයෙකි.
මීට පෙර මූල්‍ය හා තාක්ෂණික ක්ෂේත්‍ර රැසක ඉහළ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇති ඒ මහතාගේ මෙම පත්වීම මගින් HNB FINANCE ආයතනයේ ඉදිරි ඩිජිටල්කරණ ක්‍රියාවලිය, ආයතනික වර්ධනය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














