ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC, මෙවරත් වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද වාර්ෂික සීනි සම්බෝල බනිස් දන්සැල නාවල පිහිටි සිය ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සඳහා විවෘත කළේය. මෙම දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර, එය වෙසක් සතිය පුරා මහජනතාවට දැකබලා ගැනීම සඳහා විවෘතව පැවතුණි.
සෑම වසරකම මෙන්ම මෙවරත් වෙසක් සැමරුමට සමගාමීව HNB FINANCE කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිර්මාණශීලිත්වය ඇගයීම සඳහා දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් වෙසක් පහන් කූඩු තරගයක් සංවිධානය කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම ශාඛා පරිශ්‍රයන් ඉදිරිපස සුවිශේෂී වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය කළ අතර, ශාඛා මට්ටමින් දිවයින පුරා දන්සැල් සංවිධානය කිරීම ද විශේෂත්වයක් විය.
මෙම උදාර කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා කණ්ඩායම් හැඟීමෙන් වෙහෙස නොබලා කැප වූ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවන්හි සේවක මණ්ඩලය වෙත HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සිය කෘතඥතාව පළ කළේය. බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ආයතනයක් ලෙස තම වගකීමක් බව ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් චමින්ද ප්‍රභාත් මහතා පැවසුවේ වෙසක් කූඩු නිර්මාණය හරහා අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වන බවත්, වෙසක් දිනයේදී ප්‍රගුණ කරන කරුණාව, දයාව සහ එකිනෙකාට උදව් උපකාර කිරීම වැනි ගුණධර්ම එදිනෙදා ජීවිතයට සහ ආයතනික සංස්කෘතියට ද එක් කර ගැනීම අතිශය වැදගත් බවයි. මෙවැනි වටිනාකම් දායාද කර ගැනීම මගින් අභියෝගාත්මක කාලවකවානුවලදී වුවද ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට බැංකුවට අඛණ්ඩව දායක විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















