මෙරට රක්ෂණ ක්ෂේත්රයේ නායකත්ව සංවර්ධනය සහ උසස් කාර්යසාධනය නැවත වරක් ජාත්යන්තර තලයේ ඇගයීමට ලක් කරමින්, 2026 GAMA ගෝලීය සම්මාන උළෙලේදී HNB Life සමාගමේ ප්රමුඛයන් අට දෙනෙකු කීර්තිමත් සම්මානවලින් පිදුම් ලබා තිබේ. සමාගමේ EVP සහ ප්රධාන ව්යාපාර නිලධාරී හරින්ද්ර රාමසිංහ මහතා හිමිකරගත් ඉහළම ගෞරවයක් වන Master Firm සම්මානය ද ඇතුළුව හිමි වූ මෙම ජාත්යන්තර ඇගයීම, මෙරට මූල්ය හා රක්ෂණ සේවා අංශයේ වෘත්තීය ප්රමිතිය ජාත්යන්තර තලයේ සපථ කළ සුවිශේෂී ආයතනික සංධිස්ථානයක් ලෙස සැලකේ.
සමාගමේ උපදේශක ජාලයේ ප්රගතිය සහ නායකත්ව හැකියාවන් තහවුරු කරමින් ජ්යෙෂ්ඨ නායකයින් හත්දෙනෙකු ජාත්යන්තර කළමනාකරණ සහ ඉදිරිපෙළ නායක කාණ්ඩ යටතේ මෙලෙස සම්මාන ලබා ඇත. MDRT සාමාජිකයින් 132 දෙනෙකු බිහි කරමින් සහ 28% ක දැවැන්ත ව්යාපාරික වර්ධනයක් වාර්තා කරමින් HNB Life සමාගම අත්කරගත් මෙම ප්රගතිය පිළිබඳව අදහස් දක්වමින් එහි ප්රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා සඳහන් කළේ, මෙම ජයග්රහණය සමාගමේ උපදේශක ජාලයේ ශක්තිය සහ වෘත්තීයභාවය මනාව පිළිඹිබු කරන බවයි.
දේශීය රක්ෂණ වෙළඳපොළ තුළ පවතින දැඩි තරගකාරිත්වය හමුවේ HNB Life සමාගම අත්කරගෙන ඇති මෙම ජාත්යන්තර කීර්තිය, ඉදිරියේදී මෙරට රක්ෂණ ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනයට මෙන්ම පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට ද ප්රබල පිටිවහලක් වනු ඇත. මානව සම්පත් හා නායකත්ව සංවර්ධනය වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජන තවදුරටත් ඉහළ නංවමින්, මෙරට මූල්ය ක්ෂේත්රයේ ඉදිරි ගමන්මඟ තීරණය කිරීමට මෙම ආයතනික සාර්ථකත්වය හේතුවනු ඇතැයි ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.














