හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ජේම්ස් හැන්ඩි (James Handy) අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, මියගිය නළුවාගේ පෙම්වතියගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඝාතනයට හේතු වූ කරුණු සහ සිද්ධිය සිදුවූ ආකාරය පිළිබඳව තවමත් නිල තොරතුරු අනාවරණය වී නොමැත.
සිනමා ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වූ ජේම්ස් හැන්ඩිගේ වියෝව හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට දැඩි කම්පනයක් එක් කර තිබේ.
















