හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ආරක්ෂක හිස්වැසුම් කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්නකින් තරුණයින් සහ සේවකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දවස් දෙක තුනකට පෙර රැකියාවට ගිය 19 හැවිරිදි දිලිත් මධුශංඛ සහ සහන් උදාර යන තරුණයන් මෙන්ම, එම කර්මාන්ත ශාලාවේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස වසර 20ක් සේවය කළ 52 හැවිරිදි මාරියෝ එඩ්වඩ් සහ තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙකු මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.ගින්න ආරම්භ වූ අවස්ථාවේ උඩ තට්ටුවේ සිටි පිරිස බේරා ගැනීමට යාමේදී සහ ගින්න පැතිරී යාම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ සිදුව ඇති අතර, මියගිය අයගේ මව්පියන් සහ ඥාතීන් දැඩි ශෝකයකින් පසුවෙති.
















